Gossips

රක්ෂිතයක ගින්නකින් අක්කර 50ක් විනාශයි

බදුල්ල හාලිඇල මොරේතොට රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 50ක් පමණ ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
ඊයේ (07) මෙම ගින්න හටගෙන ඇති බවයි හාලිඇල පොලීසිය කියාසිටියේ.
කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින් මෙම රක්ෂියේ සිටින සතුන් දඩයම් කිරීමට හෝ විනෝදය සදහා රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි හාලිඇල පොලීසිය සැක පළකරනවා.
හාලිඇල පොලීසිය ගින්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.