සුරාබදු දෙපාර්තමේන්තුව රක්වාන ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී නීතිවිරෝධී ලෙස පෙරන ලද ස්ප්‍රීතු තොග සමඟ සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙසක් පොහොය ඉලක්ක කර සිදුකරන ලද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිස, රක්වාන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට නියමිතයි.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ජනාධිපති කාර්ය සාධන බලකාය වෙත ලද තොරතුරු මත සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
