Gossips

රංජන්ගේ ප්‍රකාශය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට පවසමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු වන නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින්.