Gossips

රංගේ බණ්ඩාරගේ ප්‍රකාශය ගැන විවිධ කථා

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව හිටපු සංවිධායක රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ ප්‍රකාශ කළා.
ඊට පක්ෂව සහ විපක්ෂව මේ වනවිට විවිධ අදහස් පළවනවා.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය ඇතුළු පක්ෂයේ පැහැදිලි වෙනසක් සිදුවිය යුතු බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළා.
– රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර (2018.02.26)
– එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ වෙනසක් සිදුකළ යුතු වෙනවා. පළමුවෙන්ම නායකත්වය අපට අනුකම්පා විරහිතව හෙට අනිද්දාම සිදු වෙනවා විශ්වාසභංගයක් සදහා ක්‍රියාත්මක වෙන්න. ඒ විශ්වාසභංගයේ වැඩපිළිවෙලට නායකත්වය ගන්න මුලිකත්වය ගන්න එක්සත් ජාතික පක්ෂයේ අපි මන්ත්‍රිවරු කිහිප දෙනෙක්ම සූදානමින් ඉන්නවා කියන එක මං කියන්න ඕන. රංගේ බණ්ඩාර අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන් අදහස් පළ කළා.
අමාත්‍ය දුමින්ද දිසානායක
ප්‍රශ්නය – එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඇතැම් මැති ඇමතිවරු කියනවා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේනවයි කියලා..?
පිළිතුර – ඒක ඔබතුමාලා අහන්න එක්සත් ජාතික පක්ෂයෙන්.
ප්‍රශ්නය – විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඔබතුමාලා සහයෝගය දෙනවාද..?
පිළිතුර – බැරිවෙලා හරි එහෙම යෝජනාවක් ආවොත් අපි ජාතික ආණ්ඩුවක් විදිහට ගන්න තීන්දුවක්ගමු.
ප්‍රශ්නය – දැන් අගමැතිතුමාට තියෙන විරෝධය නිසා නේද අදත් සමහර ඇමතිවරු කැබිනට් හමුවට පැමිණියේ නැත්තේ..?
පිළිතුර – එහෙම දැනුවත් කරලා නැහැ අපිව.
ප්‍රශ්නය – නොපැමිණීමට හේතුව දැනුවත් කරලවත් නැද්ද..?
පිළිතුර – ජනාධිපතිතුමා නම් කිහිපයක් කිව්වා මෙන්න මේ අය එන්න බැරි බව දැනුම් දීලා තියෙනවා කියලා.
අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා
ප්‍රශ්නය – අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න මොකක්ද මේ..?
පිළිතුර – නෑ.. මේකේ මොනවත් අපි දන්නේ නැහැ. අපිට මොනවත් ආවෙත් නැහැ කියලත් නැහැ අපි පත්තරවලින් විතරයි දැක්කේ.
ප්‍රශ්නය – ඔබතුමාගේ පක්ෂයේ අයම නේද ප්‍රකාශ කරන්නේ. ඇයි ඒ..?
පිළිතුර – මම දන්නේ නෑ මොකක්ද ඒ ප්‍රකාශය කියලා ඒ කට්ටියගෙන් අහන්න වෙනවා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස
ප්‍රශ්නය – විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොතින් ඒ සම්බන්ධයෙන් පක්ෂයක් විදිහට ඔබතුමාලා මොනවගේ තීරණයක් ද ගන්න යන්නේ..?
පිළිතුර – රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න ගණනාවට අපි යථාර්ථවාදීව ඇහුම්කන්දීලා අපි ධනාත්මක විසදුම් ලබාදෙන්නට ඕන.
ප්‍රශ්නය – නියෝජ්‍ය නායකයා විදිහට ඔබතුමාට හිතෙනවාද එතුමා කියන මේ කරුණු කාරණාවල යම් සත්‍යතාවයක් තියෙනවා කියලා..?
පිළිතුර – මම කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ එතුමා කියන කරුණු කාරණා වැරදියි කියලා.
ප්‍රශ්නය – එතුමා පැහැදිලිවම කියන්නේ අගමැති ධුරයේ වෙනසක් වෙන්න ඕන පක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඔබතුමා කියන්නෙත් ඒ දෙක වෙන්න ඕන කියලා..?
පිළිතුර – මම කිව්වේ පක්ෂයේ කිසිම කෙනෙක් බැහැර කරන්නේ නැතුව යම්කිසි පුද්ගලයෙක් චෝදනාවක් ඉදිරිපත් කරනකොට ඒවා සාකච්ඡා මට්ටමින් අපි විසඳා ගන්නට ඕන. ඔබතුමා මගේ කටට ඇතුළු වෙලා මගේ කටට වචන පුරවන්න හදන්න එපා. ඒක වැරදියි. ඒක ස්වාධීන මාධ්‍යයක සාරධර්මවලට පටහැනියි.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක
– පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යතුමා වගේම අපි වගේ වෙනසක් බලාපොරොත්තු වන සියලුම ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සිද්ධ වෙනවා වෙන විකල්පවලට යන්න. ඉතිං ඔය විශ්වාසභංග දේවල්වලට වුණත් යන්න පුළුවන් කියන එක තමයි එතුමා කියන්නේ. ඉතිං ඒක බොහොම සාධාරණ ප්‍රකාශයක්. පාක්ෂිකයන් ඉල්ලන්නේ වෙනස. ජනතාව ඉල්ලන්නේ වෙනස. ඒක නූනොත් අර තැනට වුණත් අපිට තල්ලු වෙන්න පුළුවන් කියන එක තමයි රංගේ බණ්ඩාර අමාත්‍යතුමා ප්‍රකාශ කළේ.
මයන්ත දිසානායක
– පක්ෂ නායකත්වයෙන් පොරොන්දු වෙලා තියෙනවා වෙනසක් කරනවා කියලා. තව සතියක් දෙකක් බලාගෙන ඉන්න ඕන ඒ වෙනස ඇති කරන්න කියලා. හැබැයි ඒ වෙනස කරන්නේ නැත්නම් අපි තරුණ මන්ත්‍රීවරුන් හැටියට එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන කට්ටිය හැටියට යම්කිසි පියවරක් ගන්න වෙනවා.