Gossips

රංගන සමුදීමට සැරසෙයි

ලබන නොවැම්බර් මාසයේ එංගලන්තය සමඟ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය තමන් ක්‍රීඩා කරන අවසාන ක්‍රිකට් තරගාවලිය විය හැකි බව ටෙස්ට් ක්‍රීඩක රංගන හේරත් පවසනවා.
බී බී සී සිංහල සේවයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ලෝකයේ වැඩිම කඩුලූ ලබා ගත් වමත් පන්දු යවන්නා වන 40 හැවිරිදි රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ වනවිට ටෙස්ට් තරඟ 90 කට ක්‍රීඩා කර තිබෙනවා.
මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා වන ඔහු බිඳ හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 418ක්.