Gossips

රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට ලක්වෙයි

රංගන ශිල්පී රවින්ද්‍ර යසස් රිය අනතුරකට භාජනය වී තිබෙනවා.
ඔහු ගමන්ගත් මෝටර් රථය මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
බණ්ඩාරගම – කැස්බෑව ප්‍රධාන මාර්ගයේදී අද (28) අලුයම 4.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ රංගන ශිල්පී රවින්ද්‍ර යසස් මේ වනවිට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.
අනතුරට ලක්වූ ඔහු ගමන්ගත් මෝටර් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.