Gossips

රංගන ශිල්පිනී දිපානි සිල්වා අත්අඩංගුවට

රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දිපානි සිල්වා බණ්ඩාරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බණ්ඩාරගම – කිඳෙල්පිටිය මංසන්ධියේදි ඇය ගමන් කළ මෝටර් රථය, අද උදෑසන ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් අවුරුදු 10 ක් වන පාසල් දැරියක් සහ ඇගේ පියා තුවාල ලැබුවා.
මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරීමේ චෝදනාව මත රංගන ශිල්පිනි දීපානි සිල්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අද පස්වරුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරින් තුවාල ලැබු පාසල් දැරිය කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇගේ පියා ප්‍රතිකාර ලබා මේ වනවිට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.