Gossips

රංගනගේ සමුගැනීමේ සාදයට ගාලු පුරවරය හැඩවෙයි (ඡායාරූප)

ලොව සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් තරඟය එංගලන්ත කණ්ඩායම සමඟ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙට (06) ආරම්භ වනවා.
මෙරටින් බිහිවූ විශ්ෂ්ඨතම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ සමු ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දුවේ වගකීම කරටගත් රංගන ශ්‍රී ලංකා ජයග්‍රහණ රැසකට දායකවී ඇති පන්දු යවන්නෙක්.
1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි.
රංගන පසුගිය ජනවාරි මාසයේ ලෝකයේ සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා බවට ද පත් වුනේ ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 92කදී ටෙස්ට් කඩුලු 430ක් බිඳ දමමින්.
ටෙස්ට් තරඟයකදී කඩුලු 10ක් බැගින් බිඳ දැමු අවස්ථා 09ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වී ඇති අතර කඩුලු 05 බැගින් දවාගෙන ඇති අවස්ථා ගණන 34ක්.
2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනාගත්තේ රංගන හේරත් ජාත්‍යන්තර එක්දින පිටියේ බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 74ක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ 17කට ක්‍රීඩාකර ඇති හේරත් එහිදී කඩුලු 18ක් බිඳ දමා තිබෙනවා.
මෙම විශ්ෂ්ඨ පන්දු යවන්නාගේ සමුගැනීම සාදය ජයග්‍රහණයකින් අවසන් කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ එකම බලාපොරොත්තුව වන අතර රංගනගේ සමුගැනීම වෙනුවෙන් හෙට තරඟය පැවැත්වෙන ගාලු ක්‍රීඩාංගනය අවට සරසා තිබුනේ මේ ආකාරයෙන්.