Politics Sri Lanka

රංගජීව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

රංගජීව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

වැලිකඩ බන්ධනාගාරයේදී 2011 වසරේදී සිදු කළ ලැයිස්තු ගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පාර්ශවයෙන් වාර්තා වේ.

අදාළ සිද්ධිය සිදු වූ නොවැම්බර් 10 වැනිදා නීතිවිරෝධී ලෙස වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී රැඳවියන්ගේ නම් කියමින් ඔවුන් තේරීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කමිටුවට ඉදිරපත් වී ඇති සාක්ෂි අනුව රංගජීව නම් පොලිස් නිලධාරියා බන්ධනාගාර සිදුවීමට ගොස් ඇත්තේ ක්ෂේත්‍ර සටහන් පොතේ වෙනත් රාජපකාරියක් සඳහා යන බවට සහනක් යොදාය.

ඔහුට එරෙහිය ඇසින් දුටු සාක්ෂි රැසක් ඉදිරිපත් වී ඇති බවත්, එම සාක්ෂි මත පදනම්ව මේ නිලධාරියා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අදාළ සිදුවීමට සම්බන්ධ, හමුදා සාමාජිකයන්ට උපදෙස් දීම සහ වෙඩිතැබීමට නියෝග දීම සම්බන්ධයේන චෝදනා එල්ල වී ඇති බ්‍රිගේඩියර්වරයකුද අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලා තිබේ. එහෙත් පසුගිය සතිය වනතුරු අදාළ බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලැබී නැතැයිද වැඩිදුරටත් අනාවරණය වේ.