හිඟුරක්ගොඩ – හතමුණ ප්රදේශයේ දී යෝධ ඇළට යතුරුපැදියක් පෙරලීමෙන් එය පදවාගෙන ගිය පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රියේ මොහු, ඥාති නිවසකට ගොස් නැවත සිය නිවස බලා පැමිණෙමින් සිටියදී යතුරුපැදිය පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ප්රදේශයේම පදිංචි එක් දරු පියෙක්.
