Gossips

යෝජිත ජාතික ආණ්ඩුට විරුද්ධ බව ජාතිය අමතමින් ජනපති කියයි

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ගාලූමුවදොර පිටියේදී අද පෙරවරුවේ එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා පසුගිය ජාතික රජය මගින් ජනතාවට සේවයක් ඉටුවුවද, කළයුතු බොහෝ දේ නොසළකා හැරි බවයි.
මේ අතර 71 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් රටවල් රැසකින් සුබ පැතුම් එක්කර තිබෙනවා. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් රැජිණ සිය සුබ පැතුම් පණිවුඩය මගින් සඳහන් කර ඇත්තේ සියළු ශ්‍රී ලාංකිකයන්ට වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන බවයි. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා අන්‍යෝන්‍ය ගෞරවය සහ හෘදයාංගම මිත්‍රශීලි බව ඉදිරියටත් නොසැලී පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්.
සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියාත්මක කර ඇති ජනතාවාදී වැඩපිලිවෙලට සුබ පතන බව 71 වන ජාතික නිදහස් දින සැමරුමට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් ප්‍රකාශ කළා.