Gossips

යෝග අභ්‍යාස පැවැත්වීම ගැන ඉන්දියාව ගිනස් වාර්තාවක් පිහිටුවයි

එකම ස්ථානයකදී පුද්ගලයින් වැඩිම පිරිසක් එක්ව සිදුකළ යෝග අභ්‍යාසය පිිළිබඳව වූ ගිනස් වාර්තාවට හිමිකම් කීමට ඉන්දියාව සමත්වුණා.
ඒ, අදට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දින සැමරුම වෙනුවෙන් රාජස්ථාන් ප්‍රාන්තයේ පැවති යෝග අභ්‍යාසයකදියි.
පුද්ගලයන් ලක්ෂයකට වැඩි පිරිසක් මෙම යෝග අභ්‍යාසය සඳහා සහාභාගි වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර උත්තර ගාන්ද් ප්‍රාන්තයේ – ඩේරා ඩූන් නගරයේදී අගමැති නරේන්ද්‍ර මෝදිද ජාත්‍යන්තර යෝග දින සැමරුමට එක්ව තිබෙනවා.
එම අවස්ථාවටද 50,000 ක පමණ පිරිසක් සහභාගිවී ඇති බව සඳහන්.