Gossips

යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ අවසන් කටයුතු කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් (ඡායාරූප)

යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුනා.
ඒ මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේදීයි.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හිතවත් රංගන ශිල්පීන් පිරිසක් ද එම නිවසට පැමිණ සිටියා.
"දරුවාගේ දේහය පියාගේ කරමතින් ගෙනයාමට සිදුවීමට තරම් තවත් දුකක් පියෙකුට නොමැත" ඉන්දික ගිනිගේ ගේ අවමංගල සභාවේදී පියා පවසා තිබෙනවා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ පසුගිය 23 වනදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට 37 වන වියේ පසුවුණු ඔහු පවුලේ වැඩිමහල් දරුවා වන අතර ඔහුට අවුරුදු 7ක දියණියක ද සිටිනවා.
23 වනදා දහවල් සිටම ඔහුගේ කාමරයේ දොර වසා තිබූ බැවින් ඒ පිළිබඳව සැක සිතී එදින රාත්‍රියේ කාමරයේ දොර කඩා බැලූ විට සිය පුත්‍රයා කාමරය තුල සිසුන්ව වැටි සිටි බව ඉන්දිකගේ පියා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.