Gossips

යොවුන් පුරය ඇරඹෙයි (ඡායාරූප)

යොවුන් පුරය – 2018 වැඩසටහන අද (28)නිකවැරටියේදී ආරම්භ වුණා.
මේ සඳහා දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් 7000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනවා.
තරුණ තරුණියන් අතර සහජීවනය ඇති කිරීම ඔවුනොවුන් අතර විශ්වාසය ගොඩ නැගීම මෙන්ම පෞර්ෂත්වය ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් මීට ඇතුළත්.
මෙම යොවුන් පුර වැඩසටහනේ සමාරම්භක උළෙල අද (28) රාත්‍රියේ පැවැත්වෙන අතර මෙම වැඩසටහන අප්‍රේල් පළමු වන දිනය දක්වා පැවැත්වෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව, තරුණ සේවා සභාවේ සභාපති / අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ ගේ මෙහෙයවීම යටතේ මෙම යොවුන් පුරය ක්‍රියාත්මකයි.