Gossips

යේමනයේ යුද ගැටුම් නිසා කුඩා ළමයින් 85,000ක් මිය යයි

ගත වූ වසර 3ක කාලය තුළ යේමනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් කුඩා ළමයින් 85,000ක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
මොවුන් සියළු දෙනා වයස අවුරුදු 5ට අඩු ළමයින් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
යුද ගැටුම් සමඟ යේමනය තුළ පවතින ආහාර අර්බුදය හේතුවෙන් සාගින්නට මැදිව මෙම ළමයින් මිය ගොස් තිබෙනවා.
මීට අමතරව තවත් මිලියන 14ක් ජනතාව සාගින්න හේතුවෙන් බරපතල අවදානමකට මුහුණ දී ඇතැයි එම වාර්තාවල සඳහන්.
මෙය දැනට ලෝකයේ පවතින ප්‍රබලතම මානුෂීය අර්බුදයක් ලෙසයි සැලකෙන්නේ.