Gossips

යේමනයේ ගැටුම්වලින් 150 දෙනෙකු මරුට

යේමනයේ ප්‍රධාන මර්මස්ථානයක් වන හුඩයාඞ් වරාය අත්පත් කර ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර මේ වනවිට උග්‍ර ගැටුම් පවතිනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ගැටුම්වලදී පුද්ගලයන් 150 දෙනෙකු මියගොස් ඇති බවයි.
ගැටුම් හේතුවෙන් ආනයනික භාණ්ඩ ලබා ගැනීමේ දැඩි අර්බුදයකට එරට ජනතාව මුහුණ දී සිටිනවා.
යේමනය ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර කලක සිට ගැටුම් පවතින අතර මේ හේතුවෙන් ජනතාව ආහාර හිගයකට ද මුහුණ දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.