Gossips

යූ.එන්.පී. ප්‍රතිසංවිධාන වාර්තාව අද අගමැතිට

එක්සත් ජාතික පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (05) දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට සෙසු සාමාජිකයින් වන්නේ අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරායි.
අග්‍රාමාත්‍යවරයා මෙම කමිටුව පසුගිය සතියේදී පත් කරනු ලැබුවේ පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බවට ඉදිරිපත්වූ යෝජනා සැලකිල්ලට ගනිමින්.