Gossips

යූ.එන්.පී. නායකත්වයට කන්ද උඩරට සුදුස්සන් සිටින බව ඇමති නවීන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට උඩරට ප්‍රදේශයේ ද සුදුස්සන් සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගිනිගත්හේන ප්‍රදේශයේ අද (22) පැවති ජනහමුවකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පසුබැසීමක් දක්නට ලැබෙන බවත්, නායක රනිල් වික්‍රමසිංහ පත් කළ පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය හරහා එය නැවත ගොඩනැගීමට හැකි වන බවයි.