Gossips

යූ.එන්.පීයට පරාජය නියතයි. ජී.එල්

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන්නේ ඉන් නියත පරාජයක් අත්වන බවට දන්නා නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ මැතිවරණ ප්‍රතිඵලයට අනුව තුනෙන් දෙකකට ආසන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් තම කණ්ඩායමට ලබා ගත හැකි බවයි.