Gossips

යූරෝ – 4 අද සිට වෙළඳපොළේ

ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන වර්ගයක් අද වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා.
පරිසර දූෂණය අවම වන ආකාරයෙන් මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති බවයි ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කළේ.
යූරෝ ෆෝ වර්ගය යටතේ පෙට්‍රල් සහ ඞීසල් වර්ග දෙකම වෙළඳපොලෙන් කලින් පැවති මිලටම ලබා ගත හැකි බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
යූරෝ ෆෝ වෙළඳපොලට හදුන්වාදීමේ උත්සවයට අද එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන් රණතුංග කියා සිටියේ ඉදිරියේදී යූරෝ ෆයිව් සහ යූරෝ සික්ස් වර්ගයන් වෙලඳපොළට හදුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවයි.