Gossips

යුවලක් ගමන් ගත් මෝටර් රථයක් ජල නලයක ගැටෙයි

බණ්ඩාරගම, ගම්මන්පිල ප්‍රදේශයේදී යුවලක් ගමන් ගත් මෝටර් රථයක් අද (15) මාර්ගයෙන් ඉවතට පැන ජල නලයකට හානි කරමින් බෝක්කුවකට ඇද වැටී තිබෙනවා.
මෙම යුවල කතරගම වන්දනාවේ ගොස් නැවත නිවස කරා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තාවන්නේ.
අනතුරින් තුවාල ලැබූ රියදුරු සහ ඔහුගේ බිරිඳ බණ්ඩාරගම රෝහලට ඇතුලත් කර ඇති අතර රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.