Gossips

යුරෝ – 4 සමඟ වෙනත් රසායනික දියරයක් අවශ්‍ය ද ?

යුරෝ – 4 ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සමඟ වෙනත් රසායනික දියරයක් ද වාහන සඳහා පාවිච්චි කිරීමට රියදුරන්ට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා.
අදාළ රසායනික දියරය ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේදී වාහනයට යෙදිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, අදාළ ක්‍රියාවලිය කොතෙක් දුරට සාර්ථක වේ ද යන්න පිළිබඳව තවමත් නිගමනය කළ නොහැකි බව ද ඔවුන් ප්‍රකාශ කළා.
මේ අතර, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ යුරෝ – 4 ඉන්ධන ප්‍රමිතිය ක්‍රියාත්මක වීමත් සමඟ ජපාන වාහන ආනයන කිරීමේ ගැටලූවක් ද මතුවන බවයි.