එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපා සංගම් තානාපති, ටන්ග් ලයි මාර්ග් ඇතුළු නියෝජිතයින් පිරිසක් අද (27) මහනුවරදී අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය බැහැදුටුවා.
ඒ, පසුගියදා මහනුවර ඇතිවූ සිද්ධිය පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහායි.
ඉන් අනතුරුව විදේශීය නියෝජිත පිරිස, මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන්ද බැහැදුටුවා.
