Gossips

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට – ශ්‍රී ලංකාවත්

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.
යුරෝපා පාර්ලිමේන්තු වෙබ් අඩවිය සඳහන් කළේ ඊයේ පැවති ඡන්ද විමසීමකින් පසු ශ්‍රී ලංකාව, ටියුනීසියාව සහ ටි‍්‍රනිඩෑඞ් – ටොබෑකෝ යන රටවල් මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බවයි.
මෙම අසාදු ලේඛනය සැකසීමේදී මුදල් විශුද්ධිකරණය මෙන්ම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම ද සළකා බලා තිබෙනවා.
යුරෝපා පාර්ලිමේන්තුවේ ඊයේ පැවති ඡන්ද විමසීමේදී අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡුන්ද 357 ක් ලැබී ඇති අතර, විරුද්ධව ලැබී ඇති ඡුන්ද සංඛ්‍යාව 283 ක්. තවත් යුරෝපා පාර්ලිමේන්තු සභිකයන් 26 දෙනෙකු ඡුන්ද විමසීමට සහභාගි වී නැහැ.