Gossips

යුරෝපා සංගමයෙන් වෙන්වීමේ, යෝජනාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව එරෙහි වේ

යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, ඉදිරිපත් කළ යෝජනාවට එරට පාර්ලිමේන්තුව විරෝධය පළ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවති දින 5ක විවාදයකින් පසු අවස්ථා 3කදී පැවති ඡන්ද විමසීම් වලදී මෙම යෝජනාව පරාජයට පත්වී ඇති බවයි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය අගමැතිවරියගේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ යෝජනාව එළඹෙන දෙසැම්බර් 11 වන දා එරට පාර්ලිමේන්තුව අවසන් වරට සලකා බැලීමට නියමිතව තිබෙනවා