යුරෝපයේ මේ දිනවල පවතින අධික උණුසුම තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා.
ඒ අනුව, උණුසුම පිළිබඳව යුරෝපයේ මෙතෙක් පැවති වාර්තා බිඳ වැටෙනු ඇති බව ඇතමුන්ගේ අදහසයි.
යුරෝපයෙන් මෙතෙක් සටහන් වූ ඉහළම උෂ්ණත්වය එනම් සෙන්ටිගේ්රඩ් අංශක 48 ක උෂ්ණත්වයක් 1977 වසරේදී ග්‍රීසියේ – ඇතෑන්ස් නුවරින් වාර්තා වුණා.
අප්‍රිකානු මහාද්වීපයේ සිට හමන උණුසුම් වා රැළි හේතුවෙන් ගිනිකොණ දිග ස්පාඤ්ඤය සහ දකුණු හා ගිණිකොණ පෘතුගාලයේ උෂ්ණත්වය අද සහ හෙට සෙන්ටිගේ්රඩ් අංශක 47 ඉක්මවනු ඇති බවටයි අනාවැකි පළ වී ඇත්තේ.
බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය ද මේ වනවිට සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක 33 ට ළඟා වී තිබෙනවා.
දැඩි උණුසුම හේතුවෙන් ජීවිත අවදානමක් පවතින හෙයින් යුරෝපා රටවල සෞඛ්‍ය අංශ එරට ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවා.