Gossips

යුරෝපයේ උණුසුම මැද පෘතුගාලයේ ලැව් ගිනි

යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත අන්දමින් ඉහළ යද්දී දකුණු දිග පෘතුගාලයේ පැතිරෙන දැවැන්ත ලැව් ගින්නක් මැඩලීම සඳහා ගිනි නිවන භටයන් 700 කට අධික පිරිසක් දැඩි පරිශ්‍රමයක නිරතවනවා.
පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ලැව් ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර දහසක පමණ ප්‍රදේශයක් විනාශවී ඇති බව සඳහන්.
අප්‍රිකානු මහද්වීපයේ සිට හමා එන උණුසුම වා දහරා හේතුවෙන් යුරෝපයේ උෂ්ණත්වය මේ දිනවල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පෘතුගාලයේ උෂ්ණත්වය මේ වනවිට සෙන්ටිගේ‍්‍රඞ් අංශක 46 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ස්පාඤ්ඤයේද එවැනි තත්වයක් දක්නට ලැබෙන අතර එහි උෂ්ණත්වයද සෙන්ටිගේ‍්‍රඞ් අංශක 40 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.
දැඩි උණුසුම හේතුවෙන් ස්පාඤ්ඤයේ ජීවිත හානි 3 ක්ද ඊයේ වාර්තාවුණා.