Gossips

යුරෝපයෙන් වෙන්වන්න බ්‍රිතාන්‍යවාසීන් නව ජනමත විචාරණයක් ඉල්ලයි

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්විය යුතුද යන්න තීරණය කිරීම සඳහා නව ජනමත විචාරණයක් ඉල්ලා ඊයේ ලන්ඩනයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.
ඊට මිලියනයක් පමණ බ්‍රිතාන්‍යවාසීන් එක්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු බවට මීට පෙර පැවති ජනමත විචාරණයකදී තීරණය වූ අතර, ඒ අනුව වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම අගමැතිනි තෙරේසා මේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
ඊට අනුමැතිය ලබාදීම පාර්ලිමේන්තුව විසින් දෙවරක්ම ප්‍රතික්ෂේප කිරීමත් සමඟයි නව ජනමත විචාරණයක් ලබාගැනීම පිළිබඳ අදහස මතුව ඇත්තේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටින් ගමන් ගත් විරෝධතාවයේදී ඊට එක්වූවන් හඩ නැගුවේ තීන්දු ගැනීම සඳහා ජනතාවට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසයි.