Gossips

යුරෝපයට අද සහ හෙට සුපිරි සඳක්

මැදින් පුර පසළොස්වක පොහොයත් සමඟ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සඳක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් යුරෝපීය රටවලට අද සහ හෙට උදාවන බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ නිරක්ෂය ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාව වැනි රටවලට මෙය දිස් නොවන බවයි.
චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් මෙම සුපිරි සඳ දැකගත හැකිවන අතර එය මේ වසරේ දිස්වන තුන්වන සුපිරි සඳයි.
සාමාන්‍ය තත්ත්වයට වඩා සියයට 6 කට වැඩි විශාලත්වයකින් මෙම සඳ දර්ශනය වනු ඇති.