Gossips

යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවේ තරඟ සංචාරයක

ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සඳහා මැලේසියාව බලා පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියා.
මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයකට අනුවයි ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී වන්නේ.
මාර්තු මස 27 (අද) සිට 30 දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර ශුරතා ලීග් පන්දුවාර 20 – 20 තරඟාවලියේදී යුධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් සමඟ තරඟ වැඳිමට අවස්ථාව හිමිවෙනවා.
ලබන මස පළමු වනදා සිට තුන්වනදා දක්වා යුධ හමුදා කණ්ඩායම සහ මැලේසියා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින තරඟ තුනක්ද පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.
යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දඟ පන්දුයවන ක්‍රීඩක ලුතිතන් අජන්ත මෙන්ඩිස් සහ තුන් ඉරියව් ක්‍රීඩක බලලත් නිලධාරී 1 සීක්කුගේ ප්‍රසන්න ද මෙම තරඟාවලිය සඳහා සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.