කිලිනොච්චිය,පූනකරී,කරියාලෙයිනායකපඩුවාන් ප්‍රදේශයේ නිවාස අතර සැඟව සිටි යුධ හමුදා සාමාජිකයෙකු ඊයේ(13) ගම්වාසීන් අල්ලා පොලිසිය වෙත භාරදුන් බව මුලංකාවිල් පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ අදාළ ගම්මානය ආසන්නයෙ යුධ හමුදා කදවුරකින් පැන ගොස් ගම්මානයේ සැඟව සිටි යුධ හමුදා සාමාජිකයෙකු එලෙස අල්ලා ගම්වාසීන් පොලිසිය වෙත භාරදුන් බවයි.
අදාළ සැකකරු මීට පෙරද යුධ හමුදාවෙන් පැනගොස් ඇති අතර, කදවුරෙන් පැන ගොස් ගම්මානයේ සැඟව සිටියදී ගම්වාසීන් අල්ලාගෙන අනතුරුව පොලිසිය දැනුවත් කොට ඇති බවද පොලිසිය සඳහන් කළා.
පොලිසිය අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා පොලිසිය දැනුවත් කොට සැකකරු ඔවුන් වෙත භාරදුන් බවද පොලිසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මුලංකාවිල් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
වවුනියාව – මාධව කුලසූරිය
