Gossips

යුධ හමුදාපතිවරයා මල්වතු මහනාහිමියන් බැහැදකී

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේත් සාකච්ඡාවක් පැවැත්වුණා.
මහනුවරදී පැවති මෙම සාකච්ඡාවට ආරක්ෂක ප්‍රධානීන් මෙන්ම, ප්‍රදේශයේ ආගමික නායකයන් ද එක්වූ බවයි වාර්තා වන්නේ.
මෙහිදී එම ප්‍රදේශවල සාමකාමී වාතාවරණය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ඉදිරි පියවර පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.
මේ අතර යුධ හමුදාපති මහේෂ් සේනානායක අද (08) මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුටුවා.
ඉන් අනතුරුව හමුදාපතිවරයා උද්ගත වී ඇති තත්ත්වය පිලිබඳව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පලකළ සිටියා.