දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගියා.
මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් යුද හමුදාවේ සේවය කරන සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් එහි ගමන් ගත් අයකු බරපතළ තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ සේවය කරන නිවාඩු පැමිණ සිටි සමිත් මධුරංග ඒකනායක නමැති 22 හැවිරිදි අයෙකු සහ සුපුන් කල්හාර රාජතිලක නමැති 23 හැවිරිදි අයෙකු බවයි වාර්තාවන්නේ.
ඔවුන් දෙදෙනා දියතලාව ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.
එම අනතුරින් යුද හමුදා සෙබළුන් දෙදෙනා එම ස්ථානයේම මිය ගොස් තිබූ බවත් තුවාල ලැබූ ඔවුන්ගේ මිතුරා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය සඳහන් කළා.
ඔවුන් අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී මේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිලිබඳව ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ත්‍රීරෝද රථය තවත් මෝටර් රථයකට වේගයෙන් ඉස්සර කිරීමට යද්දී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදු වෙන ආකාරය අසල හෝටලයක සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව වුණා.
එම වීඩියෝව පහතින්.
(ඡායාරූප – දඹුල්ල – අශෝක එරමිණිගම්මන )