Gossips

යුද හමුදා සෙබලෙකුට කිඹුල් ප්‍රහාරයක්

හලාවත – ඉරණවිල 'ඇමරිකන් හඬ' ගුවන් විදුලිය පවත්වාගෙන ගිය භූමියේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඒ අනුව ඔහු ඊයේ (20) ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
37 හැවිරිදි මෙම හමුදා නිලධාරියා අසළ කළපුවට ජලය රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේ කිඹුල් ප්‍රහාරයට ලක්ව ඇති අතර, දැඩි පරිශ්‍රමයකින් පසු දිවි ගලවාගෙන ඇති බව ද වාර්තා වනවා.