Gossips

යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් 28 දක්වා රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු අද හෝමාගම මහේස්ත්‍රාත් උදේෂ් රණතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ එම දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදීයි.