ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේජර් ජෙනරාල් තනතුරුවලට උසස් කර තිබෙනවා.
එමෙන්ම කපිතාන්වරුන් 34 දෙනෙකු ද මේජර් තනතුරට උසස් කර ඇති බවයි ශ්‍රී ලංකා යුද හමුදා ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මෙලෙස මේජර් ජෙනරාල් තනතුරුවලට උසස් කරන ලද බ්‍රිගේඩියර්වරුන් 5 දෙනාම මානුෂීය මෙහෙයුමේදී විශාල මෙහෙවරක් ඉටු කරන ලද බවත්, ත්‍රස්තවාදයෙන් සහ බෙදුම්වාදයෙන් රට ගලවා ගැනීමට කටයුතු කළ බවත්, යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
