Gossips

යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ජනතා අයිතියට

උතුරු පළාතේ යුද හමුදා පරිහරණයේ තිබූ තවත් ඉඩම් අක්කර 120ක් ඔවුන්ගේ පරිහරණයෙන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.
නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ යාපනය දිස්ත්‍රික්කයේ තෙලිප්පලෙයි, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ඉඩම් මෙලෙස මුදා හැරීමට ඊයේ (18) කටයුතු කර ඇති බවයි.
ඒ අනුව අදාළ ඉඩම්වල නැවත පදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව එම අමාත්‍යාංශය කියා සිටියා.