Gossips

යුද හමුදාව වැව් පිළිසකර කිරීමේ කටයුතු අරඹයි (ඡායාරුප සහිතයි)

මේ දිනවල මුලතිව් දිස්ත්‍රික්කයට බලපෑ ඇති අධික ගංවතුර හේතුවෙන් කැඩීගිය මුලතිව් උදයාර්කට්ටුකුලම් වැවේ වාන පිළිසකර කිරීමේ කටයුතු යුද හමුදා සෙබළුන් විසින් අද (27) ආරම්භ කර තිබෙනවා.
මිට අමතරව මුලතිව්හි කැඩී ගිය කයිවේලි මරඳමඩු, සින්නසම්බාල්කුලම්, කල්ලුකුලම් යන කුඩා වැව් කිහිපයක්ද යුද හමුදාව පිලිසකරමින් පවතිනවා.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දුෂ්‍යන්ත රාජගුරුගේ පූර්ණ අධීක්ෂණයන් යටතේ 68 වන සේනාංකයට අයත් බලසේනාවන් විසින් කැඩී ගිය වැව් පිලිසකර කිරීම ආරම්භ කර ඇත්තේ.
මේ අතර පවතින ගංවතුර හේතුවෙන් මුලතිව් දිස්ත්‍රීක්කයේ ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර, වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 8282 කට අයත් පුද්ගලයින් 26,815 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 85ක් හා අර්ධ නිවාස හානි 1754ක් වාර්ථා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඡායාරුප – දිනසේන රතුගමගේ