Gossips

යුද හමුදාව භාවිත කළ තවත් ඉඩම් අක්කර 1201ක් නිදහස් කෙරේ

මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල යුද හමුදාව භාවිත කළ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
පසුගිය යුද සමයේදී යුද හමුදාව අත්පත් කරගෙන තිබූ මෙම ඉඩම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙලෙස නිදහස් කිරීමට තීරණය කළ බවයි හමුදා මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
ලබන ජනවාරි 21 වන දා ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරන බව ද එහි සඳහන්.