දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ මෙහෙයුම් මැදිරි කළමනාකරුවන් පුහුණුකිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව අදාළ ක්ෂේත්‍ර තුන සඳහා 20 දෙනා බැගින් 60 දෙනෙකු පුහුණුකිරීම සඳහා මෙලෙස අවසර ඉල්ලා ඇති බවයි වාර්තාවන්නේ.
යුද හමුදාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ හමුදාවේ හදිසි අවශ්‍යතා සැළසුම් යටතේ මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.
මීට මාස 3 කට පමණ ඉහතදී මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊට ප්‍රතිචාරයක් දක්වා නැහැ.