Gossips

යුද හමුදාව, කලෙයිමගල් මහා විද්‍යාලය භාර දෙයි (ඡායාරූප)

යුද හමුදා භාරයේ තිබූ යාපනය – මයිලඩ්ඩි – කලෙයිමගල් මහා විද්‍යාලය වසර 27 කට පසු යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා අද භාර දුන්නා.
එම අවස්ථාවට දිසාපතිවරයා මෙන්ම, යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඇතුළු හමුදා නිලධාරින් පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
පාසලට අයත් ඉඩම් අක්කර 12 ක ප්‍රමාණයක් ද යුද හමුදාව මෙහිදී යළි භාරදී තිබෙනවා.
පසුගිය අගෝස්තු 22 වනදා උතුරේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පාසල සති දෙකක් තුළ යළි භාර දෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය