Gossips

යුද හමුදාපතිවරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කරයි

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සේවා කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තවත් වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
2017 වසරේ ජුලි මස 04 වන දා ඔහු නව යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් අතර ඔහුගේ සේවා කාලය අවසන්වීමට නියමිතව තිබුණේ එළඹෙන අගෝස්තු මස 19 වන දායි.
ඔහු හමුදාපතිවරයා ලෙස පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළා.
1981 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස හමුදා සේවයට එක්වූ ඔහු අවසන් යුද සමයේ යුද හමුදා සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා.
ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.