Gossips

යුද සමයේ ඉන්දියාවට ගිය 49 ක් යළි දිවයිනට

යුද සමයේ ඉන්දියාවට පළාගොස් මණ්ඩපම් අනාථ කඳවුරේ රැඳී සිටි දෙමළ සරණාගතයින් 49 දෙනෙකුට යලි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය අනුමැතිය ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවට යළි පැමිණීමට අවශ්‍ය බවට ලිපියක් මගින් මොවුන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය දැනුම්වත් කර ඇති අතර ඒ පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඔවුන් ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිත බවද වාර්තා වනවා.
එමෙන්ම තවත් සරණාගතයින් 941 දෙනෙකු ලංකාවට පැමිණීම සඳහා කැමැත්ත පළ කර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයට ලිපි ඉදිරිපත් කර ඇති බවද සඳහන්.