Gossips

යුද ගැටුම් නිසා ඇෆ්ගනිස්ථානයේ 3800ක්, පසුගිය වසරේදී මරුට

පසුගිය වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයෙන් මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව පෙර කවර වසරකටත් වඩා ඉහළ අගයක් ගෙන ඇති බව ජගත් සංවිධාන වාර්තාවකින් හෙළිවනවා.
අද ප්‍රකාශයට පත් කෙරුණු එම වාර්තාවට අනුව පසුගිය වසරේදී ඇෆ්ගනිස්ථානයේ ගැටුම්වලින් සිවිල් වැසියන් 3804ක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 7189ක්.
ඒ අනුව දශකයක් තිස්සේ පැවති ඇෆ්ගන් යුද්ධයෙන් මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 32,000 දක්වා ඉහළ යන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 60,000 ඉක්ම වනවා.
ජගත් සංවිධානය මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සහ තලෙයිබාන් සංවිධානය අරගලය අවසන් කිරීම සඳහා වන මීළඟ සාකච්ඡා වටය දෝහා හිදී ආරම්භ කිරීමට දිනක් තිබියදියි.
2018 වසරේදී ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාර 65ක් ක්‍රියාත්මක වී ඇති අතර, ඒවායින් පමණක් මිය ගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 2200කට අධිකයි.