Gossips

යුද උපකරණ සමඟ බෑගයක් හමුවීමේ සිද්ධිය විමර්ශනයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහය

වවුනියාව – පුලියන්කුලම ප්‍රදේශයේදී යුද උපකරණ සමඟ බෑගයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහයෝගයද ලබාගෙන තිබෙනවා.
පුලියන්කුලම පොලීසිය පවසන්නේ පොලීසිය දැක බෑගය අතහැර දමා පලාගිය සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති බවයි.
කෙසේ වෙතත් පසුව වෙනත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරනවා.