Gossips

යුද්ධය අවසන් කිරීම ගැන දකුණු කොරියානු ජනපතිට බලාපොරොත්තුවක්

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර, යුද තත්ත්වය නිල වශයෙන් අවසන් කිරීම දැන් කාලය පිළිබඳ ගැටලුව පමණක් බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පවසනවා.
කොරියානු යුද්ධය 1953 වසරේදී අවසන් වූයේ සටන් විරාමයකින්. එහෙත් දෙරට අතර සාම ගිවිසුමක් මෙතෙක් අත්සන් තබා නැහැ.
එබැවින් රටවල් දෙක තාක්ෂණික වශයෙන් තවදුරටත් යුද්ධයකට පැටලී සිටින ලෙසයි සැලකෙන්නේ.
එහෙත්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවති සාකච්ඡාවලදී ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනැගුණු බවයි ජනාධිපති මූන් ජෝ ඉන් කියා සිටියේ.
උතුරු කොරියානු නායකයා සහ ජනපති ට්‍රම්ප් අතර, සාකච්ඡාවක් සම්බන්ධීකරණය කළේ ද ඔහු විසින්.