ගෙන ඒමට නියමිත නව ව්‍යවස්ථාව හරහා යුද්ධයෙන් ඉටුකර ගත නොහැකි වූ අරමුණු වෙත ළඟාවීමේ උත්සාහයක ඇතමුන් නිරතව සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
මාදම්පේ – කුලීගොඩ – වනවාස විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාදම්පේ විමලධජ හිමියන්ට අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ අනු නායක ධූරය වෙනුවෙන් වූ සන්නස් පත්‍රය පිරිනැමීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
