Gossips

යුද්ධයක් එපා, ඇමරිකාව, ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ඉල්ලයි

මේ වනවිට පවතින මතභේදය යුද්ධයක් දක්වා ව්‍යාප්තවීමට ඉඩ නොතබන ලෙස ඇමරිකාව පාකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇමරිකානු වැඩබලන ආරක්ෂක ලේකම් පැටි‍්‍රක් ෂානහාන් සඳහන් කර ඇත්තේ ඉන්දු – පාකිස්ථාන වත්මන් අර්බුදය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින්.
ඉන්දියාව පෙරේදා එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් පාකිස්ථානය විසින් ඊයේ වෙඩි තබා බිම හෙලනු ලැබුවා.
පසුව එක් යානයක නියමුවෙකු පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගත් අතර, ඔහු නිරුපද්‍රිතව නිදහස් කරන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර තිබෙනවා.
පාකිස්ථානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ තම යුද ශක්තිය පෙන්වීමට මෙම ක්‍රියාව සිදුකළ නමුත් යුද්ධයකට ප්‍රවේශවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
සාකච්ඡා සඳහා සූදානම් බවද පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.