Gossips

යුක්රේන වැසියන් රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

සිය ප්‍රහාරක නෞකා 03ක් ග්‍රහණයට ගැනීමට විරෝධය පළ කරමින් යුක්රේනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා.
සිය මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලූ වූ බව පවසමිනුයි රුසියාව, මෙලෙස යුක්රේන නෞකා සිය ග්‍රහණයට ගෙන ඇත්තේ.
එහිදී එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් යුක්රේන නැවියන් කිහිපදෙනෙකුද තුවාල ලැබුවා.
යුක්රේන වැසියන් සිදුකරන විරෝධතාව අතරතුර රුසියානු තානාපති කාර්යාලයට අයත් මෝටර් රථයකටද ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.