Gossips

යුක්රේනය සහ රුසියාව අතර උණුසුම් තත්වයක්

රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, යුක්රේනය අයත් ප්‍රහාරක නෞකා 03ක් රුසියාව සිය ග්‍රහණයට ගැනීම හේතුවෙන්.
තම දේශ සීමා මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලූ වූ බව පවසමිනුයි රුසියාව මෙලෙස යුක්රේන නැව් සිය ග්‍රහණයට ගෙන ඇත්තේ.
එම අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයක්ද එල්ල කර ඇති අතර, ඉන් යුක්රේන නැවියන් කිහිපදෙනෙකුද තුවාල ලබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදීද අද සාකච්ඡා කිරීමට නියමිතයි.